ආධ්‍යාත්මික භික්ෂුන්
4
2021 පොසොන් 174 මිනිත්තු කියවීම

භාවනාව අතරතුර කළ යුතු දේවල්

භාවනාවෙන් ඉදිරියට යන ඔබට, ඔබගේ ආධ්‍යාත්මික ගමන වඩාත් ශක්තිමත් සහ සුරක්ෂිත කරගැනීමට අත්‍යවශ්‍ය පිළිවෙත් තුනක් මෙම ලිපියෙන් හඳුන්වා දෙයි. පිරිත් සජ්ජායනාව, විශේෂ අධිෂ්ඨාන සහ මෛත්‍රී භාවනාව ඔබේ කාර්යබහුල ජීවිතයට එක් කරගන්නා ආකාරය සරලව ඉගෙන ගන්න.

ලිපි වර්ගීකරණය: භාවනාව අතරතුර කල යුතු දේවල්

සවන් දෙන්න

තෙරුවන් සරණයි සියලු දෙනාටම!

සමථ භාවනාව වැනි ආධ්‍යාත්මික පිළිවෙත්වල යෙදෙන විට, අපගේ එම උත්සාහයට සහාය වන, එය පෝෂණය කරන සහ ආරක්ෂා කරන තවත් වැදගත් කාර්යයන් කිහිපයක් තිබෙනවා. මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන් අපට ප්‍රධාන ප්‍රතිලාභ තුනක් හිමි වෙනවා.

පළමුවැන්න, අපට හාත්පසින්ම ලැබෙන ආරක්ෂාවයි. දෙවැන්න, අප තුළ ඇති ආධ්‍යාත්මික ශක්තීන් වඩාත් වර්ධනය වීමයි. තෙවැන්න, අපට පින් රැස් වීමයි. පෞද්ගලිකව මා ද අනුගමනය කරන මෙම සරල පිළිවෙත්, ඔබගේ ආධ්‍යාත්මික ගමන සාර්ථක කරගැනීමට මහඟු පිටිවහලක් වේවි.

මෙම ලිපියෙන් අපි ඒ පිළිවෙත් මොනවාදැයි විමසා බලමු.

අප අනුගමනය කළ යුතු ප්‍රධාන පිළිවෙත් තුන

අපගේ ආධ්‍යාත්මික ගමන ශක්තිමත් කිරීමට අප දෛනිකව අනුගමනය කළ යුතු ප්‍රධාන පිළිවෙත් තුනක් තිබෙනවා.

  1. පිරිත් සජ්ජායනා කිරීම: අංක එකටම අප පිරිත් සජ්ජායනා කළ යුතුයි.
  2. අධිෂ්ඨාන තුන: මා පුද්ගලිකව සිදු කරන, පෙර ලිපියේදී මා සඳහන් කළ අධිෂ්ඨාන තුන කිරීම.
  3. මෙත් වැඩීම (මෛත්‍රී භාවනාව): අංක තුන තමයි, මෙත් වැඩීම හෙවත් මෛත්‍රී භාවනාව.
Buddhist-Daily-Practice-What-to-Do-During-Meditation

පිළිවෙත 1: පිරිත් සජ්ජායනාවේ බලය සහ කරන ආකාරය

අනිවාර්යයෙන්ම පිරිත් සජ්ජායනය කිරීම වැදගත් බව මා සඳහන් කළා.

උදෑසන බුද්ධ පූජාව තැබීමෙන් පසුව හෝ ඔබට පහසු ඕනෑම වේලාවක මෙම පිළිවෙතෙහි යෙදිය හැකියි. පළමුව, තිසරණ සහිත පංචශීලය සමාදන් වී, බුද්ධ පූජාව සහ වන්දනා ගාථා කියා තුනුරුවන් වන්දනා කරන්න. ඉන්පසු, ‘සමන්තා චක්කවාලේසු‘ ගාථාව කියා දෙවියන්ට ආරාධනා කරන්න.

ඉන් අනතුරුව, පහත සඳහන් ප්‍රධාන පිරිත් සූත්‍ර සජ්ජායනා කරන්න:

  • කරණීය මෙත්ත සූත්‍රය
  • රතන සූත්‍රය
  • කඳ පිරිත
  • මෝර පිරිත

ඉන්පසුව පිරිත් පොතේ අවසානයේ ඇති ජිනපඤ්ජරය, ජය පිරිත, අටවිසි පිරිත වැනි සෙසු පිරිත් ටිකද සජ්ජායනා කරන්න.

අවසානයේදී, දෙවියන්ට සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර, ‘ඉමිනා පුඤ්ඤ කම්මේන‘ ගාථාව කියා පිරිත් සජ්ජායනාව අවසන් කරන්න. මෙය ඔබගේ ආධ්‍යාත්මික ගමන සුරක්ෂිත කරන බලවත් පලිහක් වැනිය.

Setting-Powerful-Spiritual-Resolutions

පිළිවෙත 2: ඔබගේ ශක්තිය අවදි කරන අධිෂ්ඨාන තුන

මා පුද්ගලිකව සිදු කරන අධිෂ්ඨාන තුනක් තිබෙනවා. මෙම අධිෂ්ඨාන තුන මා අපගේ තෙවැනි ඇස සම්බන්ධ ලිපියේදීද සිහිපත් කළා. පිරිත් සජ්ජායනාවෙන් පසුව සහ භාවනා කිරීමට පෙරත්, භාවනාවෙන් පසුවත් මෙම අධිෂ්ඨාන තුන සිදු කරන්න. මෙය ඔබ තුළ සැඟවී ඇති ශක්තීන් නැවත අවදි කිරීමට උපකාරී වේ.

1. “මට මේ විශ්වයේ තිබෙන්නා වූ සියලුම ශක්තීන් ලැබේවා!
2. “මා සංසාරයේ පුරුදු කළ සියලු හැකියාවන් නැවත මට ලැබේවා“”
3. “මා ළඟ තිබෙන සියලුම ශක්තීන් නැවත ක්‍රියාත්මක වේවා!

පිළිවෙත 3: මෙත් වැඩීම (මෛත්‍රී භාවනාව)

තුන්වෙනි පිළිවෙත වන්නේ මෙත් වැඩීමයි. මෙය මෛත්‍රී භාවනාව ලෙසද හැඳින්වේ. මෛත්‍රී භාවනාව යනු තමා ඇතුළු සියලු සත්වයන් වෙත ආදරණීය කරුණාව, එනම් කිසිදු බාධාවකින් තොර වූ සුභ සිද්ධිය පැතිරවීමයි. ඔබ දන්නා ක්‍රමයට හෝ ඔබට පහසු ආකාරයකට, දවසට එක් වරක්, පැය භාගයක් පමණවත් මෛත්‍රී භාවනාවේ යෙදීම ඉතා ප්‍රයෝජනවත් වේ. මෙමගින් ඔබගේ සිත මෘදු වන අතර, ඔබ වටා ඇති පරිසරය පවා ඔබට මිත්‍රශීලී වනු ඇත.

ඉදිරි ලිපියකදී මා පුද්ගලිකව මෙත් වඩන ආකාරය ඔබ සැමට කියා දෙන්නට කැමතියි. එයට ඔබ කැමති නම්, මා පුද්ගලිකව වඩන එම ක්‍රමයද ඔබ සියලු දෙනා අනුගමනය කර, ඒ ආකාරයෙන්ද ඔබට මේ දේ කරන්නට පුළුවන්.

සවස පිංකම් සහ කාලය නොමැති විට

සවස පිරිත් සජ්බායනය කරන කෙනෙක් නම්, ගිලන්පස පූජාව බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා මේ දේවල්වල යෙදෙන්න. ගිලන්පස ඕනෑම වෙලාවක පූජා කළ හැකි වුවත්, බුද්ධ පූජාව පූජා කළ හැක්කේ උදේ කාලයේ හෝ දවල් කාලයේ පමණයි.

කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මේ සියල්ල එකවර කිරීමට කාලය සොයාගැනීම අපහසු යැයි සිතෙන්නට පුළුවන්. නමුත් කණගාටු නොවන්න. ඔබට දවසට එක වරක් හෝ මේ සඳහා යෙදෙන්න පුළුවන්. රාත්‍රී 12ට වුවත්, ඔබගේ වැඩ කටයුතු අවසන් වී විවේකීව සිටින ඕනෑම මොහොතක, අඩුම තරමේ පන්සිල් සමාදන් වී, ඉහත සඳහන් කළ ප්‍රධාන පිරිත් හතරවත් සජ්ජායනා කරන්න. බුද්ධ පූජාවක් තැබීමට නොහැකි වුවත්, ශ්‍රද්ධාවෙන් යුතුව පිරිත් සජ්ජායනා කිරීම පමණක් වුවද ඔබට මහත් ආශිර්වාදයක් වනු ඇත.

ඔබේ ආධ්‍යාත්මික ගමන පෝෂණය කරගන්න

මෙම සරල, එහෙත් බලගතු පිළිවෙත් තුන ඔබගේ දෛනික ජීවිතයට එක් කර ගැනීමෙන්, ඔබගේ ආධ්‍යාත්මික ගමන වඩාත් සුරක්ෂිත, ශක්තිමත් සහ පෝෂණීය එකක් බවට පත් කරගන්න. මෙමගින් ඔබට මානසික සුවය සහ නිදහස අත්විඳීමට හැකිවනු ඇත.

PDF ගොනුව Download කරගන්න

Cultivating-a-Boundless-Heart-with-Loving-Kindness

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.

අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.


අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!

නව ආධ්‍යාත්මික ලිපි සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

ඔබ කැමති විය හැකි තවත් ලිපි

Third Eye_ Practical Meditation (Part 01) - Featured Image Sinhala_9803060
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (01)

තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනාව නිවැරදිව ආරම්භ කරන්නේ කෙසේද? අපේක්ෂාවන්ගෙන් තොරව ආධ්‍යාත්මික දියුණුව ලබන ආකාරය සහ සිත එකඟ කරගැනීම ගැන ඉගෙන ගන්න.

තව කියවන්න
Cosmic Messengers_ A Sacred Mission - Featured Image Sinhala_9803060
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්වයෙන් පැමිණි නියෝජිතයන් (01)

ශරීරයට සහ සිතට දැනෙන අසාමාන්‍ය වෙනස්කම් ඔබේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ලකුණක් විය හැකියි. විශ්වයෙන් පැමිණි නියෝජිතයන් ලෙස ඔබ තුළ අවදිවන ශක්තියක් විය හැකියි. නිවැරදිව භාවනා කරමින් එම ශක්තිය දියුණු කරගන්නා හැටි ඉගෙනගන්න.

තව කියවන්න
How to Tame your Restless Mind_ Third Eye - Practical Meditation (Part 02) - Featured Image Sinhala_9803060
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

හිත හික්මවන විශේෂ ක්‍රමය: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (02)

ඔබේ විසිරුණු සිත පාලනය කිරීමට ප්‍රායෝගික විසඳුමක් සොයනවාද? මෙම විශේෂිත හිත හික්මවන විශේෂ ක්‍රමය මගින් මානසික ආතතියෙන් මිදී සැනසීම ලබන්න.

තව කියවන්න