Title

6

විශ්වයෙන් පැමිණි නියෝජිතයන් (01)

වර්තමානයේ බොහෝ දෙනාට දැනෙන ශාරීරික හා මානසික විපර්යාසයන් මෙම ලිපිය තුළ ගවේශනය කෙරේ. මෙය ඔබගේ ආධ්‍යාත්මික දියුණුවේ මූලික පියවරක් වන අතර, ඔබත් විශ්වයෙන් පැමිණි නියෝජිතයන්ගේ අවදි වීමක කොටසක් විය හැකිය. නිවසේ සිටම නිවැරදි භාවනා ක්‍රමවලින් මෙම විශ්වීය ශක්තිය සමඟ සම්බන්ධවී, එය නියමයකින් හා අවබෝධයකින් කළමනාකරණය කර ගැනීමේ ක්‍රමය මෙහි විස්තර කෙරේ.

තෙරුවන් සරණයි සියලු දෙනාටම!

ප්‍රථමයෙන්ම වැදගත් කරුණක් මතක් කරන්නම්. අපගේ අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක මාහිමිපාණන් වහන්සේ මේ ලෝකයට පැමිණි ආකාරය අපි සියලු දෙනාම දන්නවා. උන්වහන්සේ දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලැබීමට අකමැත්තෙන් සිටියත්, නාථ දෙවියන්ගේ දැඩි ඉල්ලීම මත සහ උන්වහන්සේගේ වචනය නිසා මේ මනුෂ්‍ය ලෝකයට පැමිණ, ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවාවක් කර අපවත් වූ බව ඔබ අප කවුරුත් දන්නවා.

ඒ වගේම, උන්වහන්සේත් සමඟ ඒ දිව්‍ය ලෝකයේ සිට පැමිණි අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමා වැනි උතුමන් මේ මිහිකතට පැමිණ, රට, ජාතිය, ආගම වෙනුවෙන් විශාල මෙහෙවරක් කර මිය පරලොව ගියත්, ඒ සියලු දෙනාගේ කැපවීම, උත්සාහය නිසා තමයි අද අපට මෙලෙස සම්බුද්ධ ශාසනය පවතින්නෙත්, මේ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබී තිබෙන්නෙත්.

ඊට අමතරව, ත්‍රිපිටකය සරලව ඉගෙන ගන්නටත්, බුදුරජාණන් වහන්සේගේ දඹදිව තිබූ උත්පත්ති ස්ථාන, පිරිනිවන් පෑ ස්ථාන, බුදුවීමේ ස්ථාන, ධර්මය දේශනා කළ ස්ථාන අද අපට දැක බලාගෙන වන්දනා කර ගැනීමට ලැබී ඇත්තේ මේ උතුමන් කළ මෙහෙවර නිසයි.

වර්තමානයේ කුඩා දරුවන්ට, තරුණයින්ට, මැදි වයසේ අයට, මෙන්ම වයස 50-60 අතර සිටින බොහෝ දෙනෙකුට ශාරීරිකවත් මානසිකවත් විවිධ විපර්යාසයන්, එනම් අමුතු වෙනස්කම් දැනෙන බව අපට නිතර අසන්නට ලැබෙනවා. කොන්දේ වේදනාව, නළල මැද යම් පීඩනයක්, ශරීරය නිරායාසයෙන් චලනය වීම වැනි දේ ඒ අතර වෙනවා.

වයස අවුරුදු පහෙන් පසු ඇතැම් දරුවන්ට නොපෙනෙන ලෝක පෙනීම, පෙර භවයන් මතක් වීම, ශරීරය ඉබේ නැවීම හෝ ඉස්සීම, නළල හෝ හිස මැද යම් දෙයක් ඇති බවක් දැනීම වැනි අත්දැකීම් ඇතිවන්නේ අමතක වූ ඒ කාර්යය නැවත මතක් කර දීමට විශ්වයෙන් ලැබෙන සංඥා ලෙසයි. මෙය ඔබගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා අවශ්‍ය ශක්තිය සක්‍රීය වීමක්.

මෙම ලිපියේ අරමුණ වන්නේ මෙම අත්දැකීම් පිටුපස ඇති ගැඹුරු අරුත සහ ඒ ඔස්සේ ඔබගේ ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නා ආකාරය පැහැදිලි කිරීමයි.

මෙම විපර්යාසයන් පිටුපස ඇති රහස සහ විශ්වයෙන් පැමිණි නියෝජිතයන්

ඔබට දැනෙන මෙම විපර්යාසයන් පිටුපස ඇත්තේ ගැඹුරු ආධ්‍යාත්මික හේතුවක්.

මේ කරුණු මුලින්ම සඳහන් කරන්නේ අද මාතෘකාව වන, වර්තමාන කාලයේ සිදුවන විපර්යාසයන් පැහැදිලි කිරීමටයි. අපගේ ආධ්‍යාත්මික භික්ෂූන් බ්ලොග් ලිපිය ආරම්භයේදී, එහි අරමුණ පැහැදිලි කරන ලිපියක සඳහන් වුණා 2010-2012 අතර යම්කිසි විපර්යාසයක් සිදුවූ බව. මේ විපර්යාසය ගැන මම පැහැදිලි කරන්නම්.

ආනන්ද මෛත්‍රී නායක මාහිමිපාණන් වහන්සේ මේ ලෝකයට පැමිණ උත්පත්තිය ලැබුවා සේම, අද වන විට මේ දිව්‍ය ලෝකවලින් (අප දන්නා පරිදි භවතල 31ක් ඇත: මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 20, සතර අපාය) අපගේ සක්වලට විශේෂයෙන් මඟුල් සක්වල ලෙස හඳුන්වනවා. මීට අමතරව තවත් මෙවැනි 31 තලවලින් යුක්ත සක්වලවල්, ලෝකවල් ඇති බව බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය තුළ දේශනා කර තිබෙනවා. ආනන්ද සූත්‍රය වැනි සූත්‍ර කියවීමෙන් මේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකියි.

මේ ලෝකවල සිටින අය පවා එහි සිටින දුගී මගී යාචකයන්ට දන් දී, මඟුල් සක්වලේ උත්පත්තිය ලබා නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. ඒ අනුව, මේ මිහිකතේද නැවත අපගේ මඟුල් සක්වලේ සිටින දෙවිවරු, බ්‍රහ්මයෝ මේ ලෝකවලින් පැමිණ උත්පත්තිය ලැබූ අය සිටිනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක මාහිමිපාණන් වහන්සේලා, අනගාරික ධර්මපාලතුමා වැනි උතුමන් මෙන්, අදටත් මෙලෙස උත්පත්තිය ලබන අය සිටිනවා.

මොවුන් එන්නේ විශේෂ රාජකාරියක් භාරගෙනයි. ඒ තමයි මේ රටත්, ජාතියත්, ආගම වෙනුවෙන් තම ජීවිතය කැප කරමින් මිනිසුන්ගේ ආධ්‍යාත්මය වෙනුවෙන්, නිර්වාණය වෙනුවෙන් කැපවීම. මේ රාජකාරිය භාරගෙන තමයි මේ මනුෂ්‍ය ලෝකයේ මව් කුසක උත්පත්තිය ලබන්නේ.

How-to-Nurture-Your-Awakening-at-Home-Image

වෙනසක් දැනෙන විට නොකළ යුතු දේ

මව් කුසක උත්පත්තිය ලැබූ මෙම දරුවන්ට අවුරුදු පහක් පමණ ගත වූ පසු සමහරුන්ට නොපෙනෙන ලෝකය පෙනෙන්නට පටන් ගන්නවා. තවත් සමහරුන්ට පෙර භවයන් කියවන්නට පටන් ගන්නවා. මේ වැනි දේවල් සිදුවෙනවා. තවත් දරුවන් කියනවා, “අපගේ ශරීරය නිරායාසයෙන්ම එහෙට මෙහෙට යනවා, කොන්ද නැමෙනවා, අත්පය ඉස්සෙනවා, මම හොඳ සිහියෙන් ඉන්නේ ස්වාමීන් වහන්ස, නමුත් මට මෙන්න මේ වගේ විපර්යාසයන් සිද්ධ වෙනවා.”

තවත් සමහරු කියනවා, “මගේ කොන්දේ යට රිදෙනවා, නළල මැද රිදෙනවා, නළල මැද මොකක්දෝ තියෙනවා වගේ දැනෙනවා, ඔළුව මැද මොකක්දෝ තියෙනවා වගේ දැනෙනවා, ඔළුව මැද තද වෙනවා” වැනි ශරීරයටත්, සිතටත් දැනෙන විපර්යාසයන් අපට පවසනවා.

මේ වගේ විශාල පිරිසක් අද වන විට මේ මුළු මහත් සමාජය තුළම, ලෝකය තුළම සිටිනවා. මොකද ඒ අය මේ වන විටත් උත්පත්තිය ලබනවා. තවත් අය ඉදිරියටත් මව් කුසවල් තුළ උත්පත්තිය ලබනවා. මොවුන් එහෙන් රාජකාරී භාරගෙන ආවත්, මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුනාට පසු මේ සියල්ලම අමතකයි. කිසිවක් මතක නැහැ. ඒ නිසා අපි මේ කරන්නේ නැවත මතක් කිරීමක්.

මෙවැනි අසාමාන්‍ය අත්දැකීමක් ඇති වූ විට කලබල වීමෙන් හෝ නොදැනුවත්කමින් වැරදි පියවර ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි. පළමුව, ඔබව තේරුම් නොගන්නා පුද්ගලයින්ට මේ ගැන පැවසීමට යෑමෙන් වළකින්න. ඔවුන් ඔබව මානසික රෝගියෙකු ලෙස හංවඩු ගසා, නිකරුණේ මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කර අනවශ්‍ය බෙහෙත් වලට ඇබ්බැහි කරවීමට ඉඩ තිබෙනවා.

දෙවනුව, එකවරම ආරණ්‍ය සේනාසන, පන්සල්, කෝවිල් හෝ වෙනත් ආධ්‍යාත්මික මධ්‍යස්ථාන වෙත දිව යෑමෙන් වළකින්න. ඔබ කළ යුත්තේ බාහිර විසඳුම් සෙවීම නොව, ඔබ තුළටම යොමු වී මෙම ශක්තිය නිවැරදිව කළමනාකරණය කර ගැනීමයි. ඔබගේ සැබෑ ගමන ඇරඹිය යුත්තේ ඔබ තුළින්මය.

නිවැරදි මඟ: නිවසේ සිටම ඔබේ ආධ්‍යාත්මික දියුණුව අරඹන්න

මෙම අත්දැකීම් යනු භාවනා දියුණු කිරීමට, ධ්‍යාන ලැබීමට සහ අධිමානසික බලයන් අවදි කර ගැනීමට ඔබට ලැබෙන විශ්ව ශක්තියයි.

එනිසා, ඔබ කළ යුත්තේ නිවැරදි පිළිවෙත් අනුගමනය කරමින් නිවසේ සිටම භාවනා කිරීම ආරම්භ කිරීමයි. සමාජයේ ඇති ‘භාවනා කළ විට පිස්සු හැදෙනවා‘ යන මිත්‍යාවට බිය නොවන්න. රේරුකානේ චන්දවිමල නාහිමියන් ද පෙන්වා දී ඇත්තේ, වැරදි අරමුණු ඇතිව භාවනා කරන අයට පමණක් ගැටළු ඇතිවන බවයි

ඔබට නිවසේ සිටම, තමන්ගේ කාමරය තුළම, බුදුරජාණන් වහන්සේ උදෙසා වත් පිළිවෙත් වල යෙදෙමින්, දානාදී පින්කම් කරමින්, පිරිත් සජ්ඣායනා කරමින්, මෛත්‍රී භාවනාව, සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව පුහුණු කළ හැකියි. හිමාලයටවත්, ආරණ්‍යයකටවත් යා යුතු නැහැ. ඔබගේ සිත අරණයක් බවට පත් කරගැනීමෙන් ඔබට විශිෂ්ට ආධ්‍යාත්මික දියුණුවක් ලබාගත හැකියි.

ඒ නිසා ඔබ සියලු දෙනා කළ යුත්තේ ආධ්‍යාත්මික භික්ෂූන් වෙබ් අඩවියෙන් කියලා දෙන ආකාරයට, බුදුරජාණන් වහන්සේ උදෙසා වත්පිළිවෙත්වල යෙදීම, දානාදී පින්කම් කිරීම, පිරිත් සජ්ඣායනාවල යෙදීම, බණ භාවනාවල යෙදීම, මෛත්‍රී භාවනාවල යෙදීම, ධ්‍යාන භාවනාවල යෙදීමයි. අපි මේ බ්ලොග් අඩවිය ඔස්සේ ඉතා කෙටියෙන්, සරල බසින් අෂ්ට සමාපත්ති උපදවා ගන්නා ආකාරය, අභිඥාවන්ට යන ආකාරය සරලව කියලා දෙනවා.

රට, ජාතිය, ආගම වෙනුවෙන් මගේ ජීවිතය කැප කරලා, ආධ්‍යාත්මිකව පෝෂණය වෙලා, මේ දේවල් දැනෙන අය මේ රට වෙනුවෙන් කැපවෙනවා, ජාතිය වෙනුවෙන් කැපවෙනවා, ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවෙලා මගෙන් විය යුතු කාර්යය මම ඉෂ්ට කරනවා යැයි අධිෂ්ඨාන කරගන්න. එසේ අධිෂ්ඨාන කරගෙන, ඔබ සියලු දෙනාට මේ විපර්යාසය දැනෙනවා නම්, අද සිට ඔබ කළ යුත්තේ වත්පිළිවෙත්වල යෙදීම, භාවනා කිරීමයි.

Are-You-Part-of-a-Great-Awakening-Image

ඔබ විශේෂ පුද්ගලයෙක්: ඔබේ කාර්යභාරය අවබෝධ කරගන්න

මෙම ලිපියේ සඳහන් ශරීරයට දැනෙන විපර්යාස හෝ සිතේ වෙනස්කම් ඔබටත් අත්දැකීමට සිදුවී ඇත්නම්, ඔබ යනු දිව්‍ය හෝ බ්‍රහ්ම ලෝකයක සිට විශේෂ රාජකාරියක් භාරගෙන මෙලොවට පැමිණි උතුම් පුද්ගලයෙකු බව පළමුව අවබෝධ කරගන්න. ඔබ තනිවී නැත. ඔබ වැනි තවත් බොහෝ දෙනෙක් මේ මිහිතලය මත සිටිනවා.

මේ දේවල් ශරීරයට දැනෙනවා නම්, කුඩා දරුවෙකුට මේවා දැනෙනවා නම්, මෙය අහගෙන සිටින දෙමව්පියන් (මවක් වේවා, පියෙක් වේවා) ඔබගේ දරුවන්ට මේ දේවල් දැනෙනවා නම්, ඔබ මේ දරුවන්ව මානසික වෛද්‍යවරයෙකුටවත්, දේවාලයකටවත්, කිසිම තැනකට ගෙන යා යුතු නැහැ. ඔබ තුළින්ම, ඔබගේ ආධ්‍යාත්මික ශක්තියෙන්, මේ පණිවිඩ නිවැරදිව අවබෝධ කරගෙන, ඒ නිවැරදි ආධ්‍යාත්මික ගමන යන්න.

කිසි දිනක භාවනා කරන විට කිසිම අන්තරායකට පත් වන්නේ නැහැ. අපි කළ යුත්තේ භාවනාවෙන් දැනෙන දේවල් ඉවසගෙන, සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට යන ගමනේදී තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ දැනුණු දේවල් තමන්ම ඉවසා දරාගෙන සිටියා සේ ඔබත් ඒවා ඉවසා දරාගෙන සිටීමයි.

මේ සියල්ලම කිරීමට ඔබ සියලු දෙනා කොහේවත් යා යුතු නැහැ, කොතැනකටවත් යාමට අවශ්‍යතාවයක් නැහැ. ඔබගේ නිවසේ සිටම, ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ ස්ථානවල සිටම කළ හැකියි. ඔබට ඔබව තේරුම් ගත හැකි ස්ථානයක් තිබෙනවා නම් ඒ ස්ථානවල ගිහිල්ලා කළාට කමක් නැහැ. නමුත් එසේ ඔබව තේරුම් ගත හැකි කිසිවකු නොසිටින්නේ නම්, ඔබගේ නිවසේ සිට, ඔබගේ කාමරය තුළ සිටම මේ සියලු දේවල් කළ හැකියි. ඔබට හිමාලයට යාමට අවශ්‍ය නැහැ. කිසිම ආරණ්‍ය සේනාසනයකට යාමටත් අවශ්‍ය නැහැ. කොහේවත් යාමට අවශ්‍ය නැහැ. ඔබගේ නිවසේ සිටම, ඔබගේ සිත අරණයක් බවට පත් කරගත හැකියි. ඔබගේ සිත අධිමානසිකව, ආධ්‍යාත්මිකව දියුණු කරගත හැකි බව සඳහන් කිරීමට කැමතියි.

Your-Path-Forward-as-a-Cosmic-Messengers-Image

ඔබේ ගමනට ආශිර්වාදයක්

ඔබ මේ කියන කරුණු කාරණා ගැන අවබෝධයට පත් වන්න. මේ සියල්ලම සිදුවන්නේ අනාගතයේ නැවත මේ බුද්ධ ශාසනයත්, ශ්‍රී සම්බුද්ධ ශාසනයත් බැබළෙන නිසයි. ඒ වගේම ආධ්‍යාත්මික පුරවරයක් බවට මේ ලංකාද්වීපයත් පත් වෙනවා. මේ මුළු රටම, ලෝකයම වෙනස් වෙනවා.

ඒ වගේම මා සඳහන් කළා සේම, නැවත නැවත දිව්‍ය ලෝකවලින්, බ්‍රහ්ම ලෝකවලින් පිරිස් පැමිණ මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලබනවා. තවද, මා සඳහන් කළා සේම, පිටසක්වලින් පිරිස් පැමිණ නැවත උත්පත්තිය ලබනවා. මේ කියන කරුණු සිදුවන නිසාමයි මම නැවත නැවත ඔබව දැනුවත් කරන්නේ.

මේ කරුණු කියා ඔබ නිකරුණේ ඔබගේ කාලය නාස්ති කරන්න එපා. අද සිට මේ සඳහා දැනුවත් වුණා නම්, අවබෝධයක් ලැබුවා නම්, මේ කරුණ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනා මේ සඳහා යොමු වන්න, මේ ක්‍රියා පටිපාටියට යොමු වන්න. අද සිට අධිෂ්ඨාන කරගන්න “මම මේවා දිගටම කරනවා” කියලා.

අනෙක, ඔබ අවබෝධයක් ලබා ගන්න, ඔබ ඒකාන්තයෙන් දැනගන්න, මේ කියන දේවල් දැනෙන කෙනෙක් නම්, මා කලින් සඳහන් කළ ශරීර විපර්යාසයන් මෙන්ම සිතේ විපර්යාසයන් සිදුවෙනවා නම්, ඔබ මේ ලෝකයට වැඩ රාජකාරී භාරගෙන ආපු, දිව්‍ය ලෝකයෙන්, බ්‍රහ්ම ලෝකයෙන්, දෙවිවරු විසින් පත් කරලා වැඩ රාජකාරී භාරගෙන ආපු විශේෂ පුද්ගලයෙක් බව අංක එකටම මතක තබා ගන්න. ඒ වගේම ඔබ වැනි පුද්ගලයන් තවත් මේ මිහිතලය තුළ, පෘථිවිය තුළ සිටින බවත් මතක තබා ගන්න.

මෙම දැනුවත් කිරීමේ අරමුණ, ඔබව නිවැරදි මාවතට යොමු කිරීමයි. ඔබගේ මෙම ශක්තීන් නිවැරදිව දියුණු කරගැනීමෙන්, අනාගතයේ ශ්‍රී ලංකාව ආධ්‍යාත්මික පුරවරයක් බවට පත්වන විට, ඊට දායක වීමේ භාග්‍යය ඔබටත් හිමිවනු ඇත. ඔබගේ ආධ්‍යාත්මික ශක්තීන් වර්ධනය කරගැනීමට සහ නිවැරදි භාවනා ක්‍රම පිළිබඳව ඉදිරියේදීත් අපි ඔබව දැනුවත් කරන්නෙමු. ඔබගේ ගමනට අවශ්‍ය සියලු පණිවිඩ ලබා දීමට අපි සූදානම්.

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.

අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.

අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!

මෙම ලිපිය බෙදාගන්න:

Facebook
LinkedIn
Pinterest
Reddit
X
WhatsApp

ප්‍රතිචාර

3 2 votes
Article Rating
Subscribe
Notify of
guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
2

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

2

ඔබ කැමති විය හැකි වෙනත් ලිපි!

5

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා, භාවනාව අතරතුර කල යුතු දේවල්

මෛත්‍රී භාවනාව

මෛත්‍රී භාවනාව යනු කුමක්ද? එහි ආනිසංස එකොළහ සහ දස දිසාවට මෙත් වඩන සරල ක්‍රමය ගැන මෙම ලිපියෙන් ඉගෙන ගන්න. ඔබගේ සිත සුවපත් කරගන්න....

7

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

හිත හික්මවන විශේෂ ක්‍රමය: තෙවැනි ඇස - ප්‍රායෝගික භාවනා (02)

ඔබේ විසිරුණු සිත පාලනය කිරීමට ප්‍රායෝගික විසඳුමක් සොයනවාද? මෙම විශේෂිත හිත හික්මවන විශේෂ ක්‍රමය මගින් මානසික ආතතියෙන් මිදී සැනසීම ලබන්න....

8

ආද්‍යාත්මික බලාපොරොත්තු

ආධ්‍යාත්මික බලාපොරොත්තු (01)

ඔබේ භාවනාව සාර්ථක කරගැනීමට අවශ්‍යද? ආධ්‍යාත්මික බලාපොරොත්තු වලින් වෙන්වී, භාවනාවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී, සැහැල්ලු මනසකින් පුහුණු වන ආකාරය සහ හිත එකඟ කරගැනීම ගැන ඉගෙන ගන්න....

9

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

හිස්: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (03)

හිස් සංඥාව හඳුනාගෙන, තෙවැනි ඇස භාවනාව නිවැරදිව ප්‍රගුණ කර ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්නා ආකාරය පිලිබඳ ප්‍රායෝගික මග පෙන්වීමක්....

You cannot copy content of this page

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

2
0
Would love your thoughts, please comment.x
()
x