Title

7

හිත හික්මවන විශේෂ ක්‍රමය: තෙවැනි ඇස - ප්‍රායෝගික භාවනා (02)

මෙම ලිපියෙන් හඳුන්වා දෙන්නේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුගමනය කළ හැකි, සිත දමනය කරන විශේෂ භාවනා ක්‍රමයකි. මෙම හිත හික්මවන ක්‍රමය ආදරයෙන් පරාජිත වූවන්ට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට, සහ විවිධ මානසික පීඩන වලින් පෙළෙන අයට ඉක්මන් සහනයක් ලබා දෙයි.

තෙරුවන් සරණයි සියලු දෙනාටම!

අද අපගේ ‘ආධ්‍යාත්මික භික්ෂුන්‘ වෙබ් අඩවිය ඔස්සේ මම, ඔබ සියලු දෙනාටම පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ, “විශේෂ වූ හිත හික්මවන විශේෂ ක්‍රමයක්” පිළිබඳවයි. මෙය අපට විශේෂ වූ කර්මස්ථානයක්, එනම් භාවනා අභ්‍යාසයක් ලෙසද හැඳින්විය හැකියි. මෙම විශේෂිත වූ ක්‍රමය තුළින් ඔබට ඔබේ සිත පහසුවෙන් පාලනය කරගැනීමටත්, භාවනාව තුළින් දියුණු කරගැනීමටත් අවස්ථාව ලැබේවි. මෙය අප විසින්ම ප්‍රායෝගිකව අත්හදා බලා, එහි ප්‍රතිඵල සියයට සියයක්ම ප්‍රත්‍යක්ෂයෙන් දන්නා නිසාමයි, ඔබ වෙත මේ දැනුම බෙදා දෙන්නට සිතුවේ.

ඔබ මේ ලිපි මාලාවේ කලින් කොටස් කියවලා නැත්නම්, ඒවා කියවන්න කියලා මම යෝජනා කරනවා. මොකද, ඉදිරියට එන දේවල් තේරුම් ගන්න පදනම වැටෙන්නේ ඒ කොටස් වලින්.

Working-with-Distractions_-Sounds-Sensations-and-Emotions

මෙම භාවනා ක්‍රමය වඩාත් ගැළපෙන්නේ කාටද?

මෙම හිත හික්මවන ක්‍රමය ගැන විස්තර කිරීමට පෙර, මෙය වඩාත්ම ගැළපෙන්නේ කිනම් ආකාරයේ පුද්ගලයන්ටද කියා පැහැදිලි කිරීම වැදගත්.

  • සිත නිතර විසිරී යන අයට: කිසිම ලෙසකින්වත් සිත පාලනය කරගැනීමට නොහැකිව, සිතුවිලි එහෙ මෙහෙ දුවන ස්වභාවයෙන් පීඩා විඳින ඔබට මෙම ක්‍රමය ඉතාමත් ප්‍රතිඵලදායකයි.
  • ආදරයෙන් පරාජය වූවන්ට: ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා ඇතිවන වේදනාවෙන් මිදී, පරණ මතක අමතක කර භාවනාවට සිත යොමු කිරීමට අවශ්‍ය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මෙය ඉතා කාලෝචිතයි.
  • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට: මත්ද්‍රව්‍යයෙන් මිදීමට අවංක උවමනාවක් ඇතිව, භාවනාවට සිත යොමු කිරීමට උත්සාහ දරන අයට මෙමගින් විශාල සහනයක් ලැබේ.
  • විවිධ මානසික ආතතීන්ගෙන් පෙළෙන අයට: අධ්‍යාපන කටයුතු (විභාග පරාජයන්), රැකියා ස්ථානයේ පීඩනය හෝ පවුල් ජීවිතයේ ගැටලු නිසා ඇතිවන මානසික ආතතියෙන් මිදීමට අපේක්ෂා කරන ඔබටත් මෙම හිත හික්මවන ක්‍රමය ඉතා සුදුසුයි.

ඉහත සඳහන් කළ සියලු දෙනාටම මෙම විශේෂිත හිත හික්මවන ක්‍රමය ඉතාමත් යෝග්‍ය බව මතක් කරමි.

ප්‍රතිඵල සහ අපේක්ෂා කළ යුතු දේ

මෙම භාවනාවේ ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලැබීම විශේෂත්වයක්. සමහරෙකුට පැයක් වැනි කෙටි කාලයකින් ප්‍රතිඵල දැනෙන්නට පටන් ගන්නා අතර, බොහෝ දෙනෙකුට දවසක් හෝ දෙකක් ඇතුළත පැහැදිලි වෙනසක් අත්විඳීමට පුළුවන්.

කෙසේ වෙතත්, ආරම්භයේදී ඔබට යම් ශාරීරික අපහසුතාවක් දැනෙන්නට ඉඩ තිබේ. එයට හේතුව, මෙම ක්‍රමය හරහා අප සිත සමග යම් ආකාරයක ‘පොර බැදීමක්’ සිදු කරන නිසයි. නමුත් එය විශාල, දරාගත නොහැකි අපහසුතාවයක් නම් නොවේ.

මෙම හිත හික්මවන ක්‍රමය අනුගමනය කළ යුත්තේ එක් විශේෂිත අවස්ථාවක පමණි. එනම්, ඔබ භාවනා ඉරියව්වෙන්, එනම් බද්ධ පර්‍යංකයෙන් (නෙළුම් ආසනයෙන්) වාඩි වී සිටින විට පමණි. අප දන්නා පරිදි ඉඳගෙන සිටීම, හිටගෙන සිටීම, ඇවිදීම වැනි අනෙකුත් ඉරියව් වලදී මෙම ක්‍රමය කිසිසේත්ම සුදුසු වන්නේ නැත. මෙය භාවනාව සඳහාම වෙන්වූ විශේෂ ක්‍රමයක් නිසා, එය භාවනා ඉරියව්වෙන්ම කළ යුතුය.

Getting-Started_-Your-Posture-and-Anchor-Point


හිත හික්මවන විශේෂ ක්‍රමය: පියවරෙන් පියවර උපදෙස්

අපගේ පෙර බ්ලොග් ලිපියක පැහැදිලි කළ පරිදි, පළමුව ඔබ බද්ධ පර්‍යංකයෙන් හිඳගෙන, ඔබේ අවධානය හෙවත් සිත ඇහිබැමි දෙක අතර මැදට යොමු කරන්න. ඉන්පසු භාවනාව ආරම්භ කරන්න.

ටික වේලාවකින් ඔබේ සිත එහෙ මෙහෙ දුවන්නට පටන් ගනීවි. එය අතීතයට, අනාගතයට, ශරීරයේ යම් තැනකට හෝ බාහිර අරමුණකට ගමන් කළ හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි, සිත දුවන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන දොරටු පහ හරහාය.

ඔබ කළ යුත්තේ මෙයයි:

සිත කොහේ ගියත්, ඒ සිතත් සමගම ගමන් කිරීමයි. සිත යන දිහාවටම ඔබත් යන්න.

උදාහරණයක් ගතහොත් ඔබේ සිත අතීතයේ පාසල් කාලයට ගොස්, ‘මම 11 වසරේදී ගණන් ඉගෙන ගත්තා‘ කියා සිතනවා යැයි සිතමු. එවිට ඔබත්, ඔබේ සිත කියන දේම නැවත සිතන්න. ‘මම 11 වසරේදී ගණන් ඉගෙන ගත්තා‘ කියා ඔබත් සිතන විටම, ඒ සිතුවිල්ලේ රැඳී නොසිට, සිත ක්ෂණිකව වෙනත් අරමුණකට පනිනවා. ඔබේ සිත අනාගතයට ගොස්, ‘මම සල්ලි හොයලා BMW වාහනයක් ගන්න ඕන‘ කියා මවා පෙන්වනවා. එවිට ඔබත් ඒ ආකාරයටම ‘මම BMW කාර් එකක් ගන්න ඕන‘ කියා සිතන්න. ඔබ එසේ සිතා අවසන් වීමටත් පෙර, සිත ඒ අරමුණෙන්ද පැන යයි.

tame your restless mind Practical-Advice-for-Your-Daily-Practice

බාහිර බාධක ජය ගැනීම: ශබ්දය සහ වේදනාව

භාවනා කරන විට බාහිර පරිසරය බාධාවක් ලෙස බොහෝ දෙනා සලකනවා. නිවසේ රූපවාහිනී ශබ්දය, පාරේ යන ‘චූන් පාන්’ වාහනයේ ශබ්දය, පන්සලේ පිරිත් හෝ පල්ලියේ යාඥා ශබ්දය වැනි දේ නිසා භාවනා කළ නොහැකි බව සමහරු කියනවා. නමුත් මෙම හිත හික්මවන ක්‍රමය අනුගමනය කරන කෙනෙකුට මේ කිසිවක් බාධාවක් නොවේ.

ඔබ භාවනා කරන විට නිවසේ රූපවාහිනිය අධික ශබ්දයෙන් ක්‍රියාත්මක වේ යැයි සිතමු. එවිට ඔබේ සිත ඒ ශබ්දය වෙත ගොස් ‘අන්න අරයා ටීවී එක දාලා’ කියා සිතනවා. ඔබ කළ යුත්තේ, ඔබේ සිත කියන ඒ වචන ටිකම නැවත සිතීමයි. ‘අන්න අරයා ටීවී එක දාලා‘ කියා ඔබත් සිතන විටම, සිත ඒ ශබ්දයෙන් මිදී වෙනත් තැනකට යයි. එවිට කොතරම් හයියෙන් රූපවාහිනිය ක්‍රියාත්මක වුවත් එය ඔබට බාධාවක් නොවේ.

එලෙසම, භාවනා කරන විට කකුල් රිදෙන විට, සිත ‘කකුල් දෙක රිදෙනවා‘ යැයි කියයි. ඔබත් ‘කකුල් දෙක රිදෙනවා‘ යැයි සිතන්න. ශරීරයේ යම් තැනක් කසන විට, සිත ‘කකුල් කහනවා‘ යැයි කියයි. ඔබත් ‘කකුල් කහනවා‘ යැයි සිතන්න. එවිට වේදනාව සහ කැසීම පිළිබඳ සිතුවිල්ලද පහව යනු ඇත.

මෙම ක්‍රියාවලිය හරියට ‘ඌරගේ මාළු ඌරගේ පිට උඩම තියලා කපනවා වගේ වැඩක්. අපි සිතේ සිතුවිලිම භාවිතා කරලා, සිත සමග පොර බැදලා, සිතම දමනය කරනවා. මෙසේ සිත යන යන තැන ඒ පසුපසම ගොස්, එය කියන දේම නැවත කියමින් සිත වෙහෙසට පත් කරන විට, එය නිරායාසයෙන්ම, ස්වයංක්‍රීයවම නැවතත් අප භාවනාව ආරම්භ කළ ස්ථානය වන ඇහිබැමි දෙක අතර මැදට පැමිණෙනවා.

එවිට සිත ඔබට කියාවි, ‘ඔන්න මම දැන් මැදට වෙලා ඉන්නවා‘ කියලා. ඔබත් ‘ඔන්න මම මැදට වෙලා ඉන්නවා‘ කියා සිතන්න. ‘දැන් මගේ හිත හිස්, සිතුවිලි එන්නෙ නෑ‘ කියා සිත කිව්වොත්, ඔබත් ඒ වචන වලින්ම ‘මගේ හිත හිස්, සිතුවිලි එන්නෙ නෑ’ කියා සිතන්න. මේ ආකාරයට මෙම හිත හික්මවන විශේෂ ක්‍රමය ක්‍රියාත්මක වේ.

කුසල් සහ අකුසල් සිතුවිලි වලට මුහුණ දෙන ආකාරය

මෙම ක්‍රමයට පින් පව්, හොඳ නරක සිතුවිලි කියා භේදයක් නැහැ. සෑම සිතුවිල්ලකටම සලකන්නේ එකම ආකාරයටයි.

  • පින් සිතුවිලි: බුදුගුණ, දානයක් දීමට අවශ්‍ය බව වැනි පින් සිතුවිලි සිතට පැමිණියහොත්, එම සිතුවිලි සිත පවසන ආකාරයටම ඔබත් පවසන්න. ඉන්පසු සිත එයින්ද පනී. මෙයට පින් පව් අදාළ නැත. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ තමන් ගැනම මෙනෙහි කර කර නොසිටීමටයි.
  • රාග සිතුවිලි: යම් රාග සිතුවිල්ලක් සිතට පැමිණියහොත්, එය සමථ භාවනා වලදී යටපත් වනවා වෙනුවට ඇවිස්සෙන බව බොහෝ දෙනා පවසයි. නමුත් මෙම ක්‍රමයේදී සිතුවිලි කැඩී යයි. නරක දර්ශනයක් හෝ වෙනත් රාග සිතුවිල්ලක් මතක් වන විට, සිත මතක් කරන ආකාරයටම ඔබත් එයම මතක් කරන්න. ඉන්පසු සිත එයින්ද පනී. එවිට රාගය අතුරුදහන් වේ.
  • ක්‍රෝධ සිතුවිලි: යම් තරහකාරයෙකු ගැන හෝ අලාභයක් ගැන සිතට මතක් වන විට, සිත මතක් කරන ආකාරයටම ඔබත් එයම පවසන්න. උදාහරණයක් ලෙස, “නිමල් මගෙන් සල්ලි ගත්තා” යැයි සිතන විට, ඔබත් එයම “නිමල් මගෙන් සල්ලි ගත්තා” කියා ඔබේ සිතෙන්ම පවසන්න. මෙසේ භාගයක් පමණ සිතද්දී/පවසද්දී (කටින් නොපවසා සිතින් මෙනෙහි කරද්දී), සිත දැඩි වෙහෙසට පත්වී නිරායාසයෙන්

මෙය ටිකක් අමාරු ලෙස දැනුණත්, ඉක්මන් ප්‍රතිඵල ලැබෙන අතර ඔබේ සිතට විශාල සහනයක් දැනේවි.

නිතර අසන ප්‍රශ්න සහ ප්‍රායෝගික උපදෙස්

කොපමණ වේලාවක් භාවනා කළ යුතුද?

ඔබට හැකි උපරිම කාලයක්, දවසකට හැකි උපරිම වාර ගණනක් මෙම භාවනාවේ යෙදෙන්න. කාලය පිළිබඳ සීමාවක් නැත.

භාවනා කිරීමට ඔබට කොන්ද ඍජු කරගෙන බද්ධ පර්‍යංකයෙන් ඇඳක් මත වුවද වාඩි වී සිටිය හැකියි. බිම කුෂන් එකක් දාගෙන හෝ නිවසින් පිටත, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හෝ ඕනෑම ස්ථානයක සිට භාවනා කළ හැකියි. එය කිසිසේත්ම බාධාවක් නොවේ. ඔබ නගරයක් මැද සිටියත්, ආරණ්‍යයක සිටියත්, කැලයක සිටියත්, කළ යුත්තේ මෙම එකම දේයි.

මෙම විශේෂිත කර්මස්ථානයෙන් හෝ සිත හික්මවන ක්‍රමයෙන් ඔබට වැටහේවි, ඔබ කොතැනක සිටියත්, කොතරම් ඝෝෂාකාරී පරිසරයක සිටියත්, කිසිවක් ඔබට බාධාවක් නොවන බව. මා සියයට සියයක්ම මෙය ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නා නිසයි, ඉහත සඳහන් කළ විශේෂ අයට මෙය භාවිතා කර, සිත හික්මවාගෙන භාවනා කරන ලෙස මතක් කරන්නේ.

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.

අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.

අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!

මෙම ලිපිය බෙදාගන්න:

Facebook
LinkedIn
Pinterest
Reddit
X
WhatsApp

ප්‍රතිචාර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
2

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

2

ඔබ කැමති විය හැකි වෙනත් ලිපි!

6

විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්වයෙන් පැමිණි නියෝජිතයන් (01)

ශරීරයට සහ සිතට දැනෙන අසාමාන්‍ය වෙනස්කම් ඔබේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ලකුණක් විය හැකියි. විශ්වයෙන් පැමිණි නියෝජිතයන් ලෙස ඔබ තුළ අවදිවන ශක්තියක් විය හැකියි. නිවැරදිව භාවනා කරමින් එම ශක්තිය දියුණු කරගන්නා හැටි ඉගෙනගන්න....

8

ආද්‍යාත්මික බලාපොරොත්තු

ආධ්‍යාත්මික බලාපොරොත්තු (01)

ඔබේ භාවනාව සාර්ථක කරගැනීමට අවශ්‍යද? ආධ්‍යාත්මික බලාපොරොත්තු වලින් වෙන්වී, භාවනාවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී, සැහැල්ලු මනසකින් පුහුණු වන ආකාරය සහ හිත එකඟ කරගැනීම ගැන ඉගෙන ගන්න....

9

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

හිස්: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (03)

හිස් සංඥාව හඳුනාගෙන, තෙවැනි ඇස භාවනාව නිවැරදිව ප්‍රගුණ කර ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්නා ආකාරය පිලිබඳ ප්‍රායෝගික මග පෙන්වීමක්....

10

විශ්ව ශක්තිය සහ කුණ්ඩලනී ශක්තිය

විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය - අපගේ ප්‍රායෝගික අත්දැකීම්

කුණ්ඩලිනී ශක්තිය සහ විශ්ව ශක්තිය ගැන බෞද්ධ භික්ෂුවකගේ ප්‍රායෝගික අත්දැකීම්. සමථ භාවනාව තුළින් මෙම ශක්තීන් අවදි කරගන්නා ආකාරය මෙයින් ඉගෙන ගන්න....

You cannot copy content of this page

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

0
Would love your thoughts, please comment.x
()
x