තෙරුවන් සරණයි සියලු දෙනාටම!
අද මෙම ආධ්‍යාත්මික ලිපිය ඔස්සේ ඔබ සියලු දෙනා සමග බෙදාගැනීමට සූදානම් වන්නේ බොහෝ දෙනා කතා කරන, විශේෂ මාතෘකාවක් පිළිබඳවයි. එනම්, විශ්ව ශක්තිය සහ කුණ්ඩලිනී ශක්තිය පිළිබඳ අප ලැබූ ප්‍රායෝගික අත්දැකීම් ය.
මෙම කරුණු පැහැදිලි කිරීමට පෙර, කාරණයක් සිහිපත් කළ යුතුයි. මෙම ලිපිය කියවන ඔබ, ඇතැම්විට දැනටමත් මෙවැනි අත්දැකීම් ලැබූ අයෙකු විය හැකියි. එසේත් නැතිනම්, මේ වන විට එම අත්දැකීම් ලබමින් සිටින කෙනෙකු විය හැකියි. සමහර විට, මෙවැනි කිසිදු අත්දැකීමක් නොලද, නමුත් අනාගතයේදී ලැබීමට ඉඩ ඇති අයෙකු වන්නටත් පුළුවන්.
අප මෙම අත්දැකීම් ඔබ සමඟ බෙදාගන්නේ, ඒ තුළින් ඔබටත් විශාල ප්‍රයෝජනයක් ලබාගෙන, ඔබගේ භාවනා කටයුතු දියුණු කරගැනීමට මග පෙන්වීමක් වශයෙනි.
කුණ්ඩලිනී ශක්තිය සහ චක්‍ර පිළිබඳ වර්තමාන අවබෝධය
වර්තමානයේ විශ්ව ශක්තිය සහ කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව කතා කරන විට, බොහෝ විට චක්‍ර හතක් ගැන සඳහන් වේ. අපගේ ශරීරයේ කොඳු නාරටිය දිගේ, එහි පහළම කෙළවරේ සිට හිස් මුදුන දක්වා මෙම චක්‍ර හත පිහිටා ඇති බවට අන්තර්ජාලය, යූටියුබ් සහ විවිධ පොත්පත් ඔස්සේ පැරණි සහ වර්තමාන යෝගීවරුන් විසින් ප්‍රකාශ කර තිබේ.
ඔබ මේ පිළිබඳව දැනටමත් යම් දැනුමක් ලබා ඇති බව මා විශ්වාස කරන නිසා, මම ඒ ගැන දීර්ඝව කතා නොකර, කෙටියෙන් සඳහන් කරන්නම්.
මෙම චක්‍ර හත නම්: මූලාධාර චක්‍රය, ස්වාධිෂ්ඨාන චක්‍රය, මනිපුර චක්‍රය, අනාහත චක්‍රය, විශුද්ධි චක්‍රය, ආඥා චක්‍රය සහ හිස් මුදුනේ පිහිටි සහස්‍රාර චක්‍රයයි. මෙම එක් එක් චක්‍රය සක්‍රීය වීමෙන් විවිධ හැකියාවන් ලැබෙන බවද සඳහන් වේ.
උදාහරණයක් ලෙස, එක් චක්‍රයකින් කථන හැකියාවද, තවත් චක්‍රයකින් තෙවැනි ඇස විවෘත වීම වැනි විවිධ කාර්යයන් සිදුවන බවට මූලාශ්‍රවල දැක්වේ.

කුණ්ඩලිනී ශක්තිය අවදි කරගැනීමට භාවිතා වන පොදු ක්‍රම
මෙම චක්‍ර අවදි කරගැනීමට, එනම් කුණ්ඩලිනී ශක්තිය සහ විශ්ව ශක්තිය ශරීරයට ලබා ගැනීමට වර්තමානයේ විවිධ ක්‍රම භාවිතා කරයි.
බොහෝ දෙනා යෝග ව්‍යායාමවල නියැලෙමින් මෙම චක්‍ර අවදි කරගැනීමට උත්සාහ කරයි.
හිමාලය ආශ්‍රිත යෝගීවරුන් ‘ප්‍රාණජීව‘ නමැති ශාඛයක් ආහාරයට ගැනීමෙන් කුණ්ඩලිනී ශක්තිය අවදි වන බව විශ්වාස කරයි.
එක් එක් චක්‍රයට අදාළ විශේෂිත ශබ්ද තරංගවලට සවන් දීමෙන් ස්නායු පද්ධතිය උත්තේජනය වී චක්‍ර අවදි වන බවට මතයක් පවතී. මෙම ක්‍රමය අත්හදා බැලීමේදී යම් සමාධි මට්ටමක් ඇතිවන බව මා හටද අත්දැකීමෙන් වැටහී ඇත.
ඉන්දියාව වැනි රටවල සිටින සමහර ගුරුවරුන්, තමන් සතු ශක්තිය තම ගෝලයන්ට අදෘශ්‍යමාන ලෙස ලබා දෙනු දක්නට ලැබේ. එම ශක්තිය ලැබුණු විට, සමහරු අමනුෂ්‍යයෙකු ආවේශ වූවාක් මෙන් හෝ නාගයෙකු මෙන් නර්තනයේ යෙදෙන අයුරු දැකගත හැක.
කුණ්ඩලිනී ශක්තිය පුබුදුවාලීම සඳහා මිනිසුන් භාවිතා කරන විවිධ සමාධි භාවනා ක්‍රම ඇතුළුව, බොහෝ ක්‍රමවේද අතරින් මේවා ස්වල්පයක් පමණි. මෙවැනි විවිධාකාර මාර්ග සහ භාවනා ශිල්ප ක්‍රම පැවතිය හැකි බව තේරුම් ගැනීම වැදගත් වේ.
බුදු දහම තුළින් මෙම අත්දැකීම් විග්‍රහ කර ගැනීම
කුණ්ඩලිනී ශක්තිය හෝ විශ්ව ශක්තිය යන වචන ත්‍රිපිටකයේ හෝ අටුවාවේ කොතැනකවත් සඳහන් වී නැත.
එසේ නම්, බෞද්ධ දෘෂ්ටිකෝණයකින් මෙම අත්දැකීම් අප තේරුම් ගන්නේ කෙසේද?
බුදුන් වහන්සේ දේශනා කළේ, කැපවීමෙන් යුතුව භාවනා කිරීම තුළින් අපට අසාමාන්‍ය හැකියාවන් වර්ධනය කරගත හැකි බවයි. මේවා මායාවන් නොව, මනාව දියුණු කරන ලද සිතක ස්වභාවික ප්‍රතිඵලයයි, බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේදී, සිත දියුණු කළ විට ලැබෙන අධිමානසික හැකියාවන් පහක් (පංච අභිඥා) පිළිබඳව දේශනා කර ඇත.
ඒවා නම්:
- ඉර්ධිවිධ ඥානය: අහසින් යාම වැනි විවිධ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව.
- පරචිත්ත විජානන ඥානය: අනුන්ගේ සිත් කියවීමේ හැකියාව.
- පුබ්බේනිවාසානුස්සති ඥානය: පෙර භවයන් දැකීමේ හැකියාව.
- දිබ්බචක්ඛු ඥානය: නොපෙනෙන ලෝක දැකීමේ හැකියාව.
- දිබ්බසෝත ඥානය: නොපෙනෙන ලෝකවල ශබ්ද ඇසීමේ සහ සත්වයන් සමග කතා කිරීමේ හැකියාව.
අප මේ පිළිබඳව විවිධ ගුරුවරුන්ගෙන් විමසූවද, පොත්පත් සහ අන්තර්ජාලය පරිශීලනය කළද සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබුණි. නමුත්, යෝගීවරුන් චක්‍ර අවදි වීමෙන් ලැබෙනවා යැයි කියන හැකියාවන් (තෙවැනි ඇස, කථන හැකියාව, සුව කිරීමේ බලය) සහ බුදු දහමේ එන පංච අභිඥා හැකියාවන් සියල්ල සසඳා බැලූ විට අපට වැටහුණේ, ‘විශ්ව ශක්තිය’, ‘කුණ්ඩලිනී ශක්තිය’ යනු හුදෙක් වචන පමණක් බවත්, මේ සියල්ලම සමථ භාවනාව දියුණු වූ විට ලැබෙන එකම දෙයක විවිධ පැතිකඩවල් බවත්ය.
ඔබටත් අභිධර්මය පිළිබඳ රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ හෝ අමරදාස රත්නපාල මහතාගේ ග්‍රන්ථ කියවීමෙන් මේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය.
මේ අනුව, සමථ භාවනා ක්‍රම ඇතුළු විවිධ ක්‍රමවේද භාවිතා කරමින් මෙම ශක්තීන් අවදි කරගත හැකි බව අපට වටහාගත හැකිය.

අපගේ ප්‍රායෝගික අත්දැකීම්: ශක්තිය ලැබුණු මුල් අවස්ථාව
මෙතැන් සිට, අප ලද ප්‍රායෝගික අත්දැකීම් පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි සූදානම් වන්නේ.
අප හට මෙම ශක්තිය ලැබුණේ, යෝග විද්‍යාව, සමථ භාවනා, කුණ්ඩලිනී සහ විශ්ව ශක්තිය පිළිබඳ මනා දැනුමක් හා අත්දැකීම් සහිත, විශාල පෞරුෂයකින් හෙබි, නොපෙනෙන විශේෂ බලවේගයක් මගිනි. මෙය දේවාලයකින් ලැබෙන වරමක් හෝ යක්ෂ, ප්‍රේත ආවේශයක් ලෙස වරදවා වටහා නොගන්න. පසුකාලීනව අපට වැටහුණේ, මෙම ශක්තිය අපට ලැබුණේ සමථ භාවනා දියුණු කරගැනීමට මග පෙන්වීමක් ලෙස බවයි.
දෙදෙව්ලොවට අධිපති, අසීමාන්තික පිනක් හා බලයක් ඇති ශක්‍ර දේවේන්ද්‍රයා වැනි කෙනෙකුගෙන් භාවනා දියුණු කරගැනීමට බලයක් ලැබුණොත් එය කෙතරම් බලවත් වේවිද?
අපට ලැබුණේද එවැනිම වූ, ඉහළ තලයකට ගිය කෙනෙකුගෙන් ලැබුණු ශක්තියකි. දෙව්ලෝක දෙකක් පාලනය කරන දෙවියන්ගේ රජ්ජුරුවෝ වෙන සක් දෙවිඳුන් ගැන අපි දන්නවා. බුදු හාමුදුරුවොම සක් දෙවිඳුන් ගැන කියලා තියෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ අටුවා පොත්වලත් එතුමාගේ ලොකු බලය සහ එතුමා රැස් කරගත්තු විශාල පින ගැන සඳහන් වෙනවා.
මෙම ශක්තිය ලැබුණු මුල් අවස්ථාවේදී, අපගේ ඇඟිලි තුඩුවලට ඉඳිකටු වලින් අනිනවාක් මෙන් දැනී, යම් දෙයක් ශරීරයට ඇතුළු වන බවක් දැනුණි. කොඳු නාරටිය සිසිල් වී, ඒ දිගේ යමක් හිස දක්වා ගමන් කරන බවත්, නැවත පහළට එන බවත් දැනෙන්නට විය. ශරීරය තුළ යම් සතුන් පිරිසක් එහා මෙහා යනවා වැනි හැඟීමක්ද ඇතිවිය.
ඒ සමඟම, ඇහි බැමි දෙක අතර, නළල මැදට යම් කිරණයක් එනවා මෙන් පෙනෙන්නටත්, හිස් මුදුන බර වී යමක් කැරකෙනවා මෙන් දැනෙන්නටත් පටන් ගත්තේය. මේ සියල්ල අපට මෙම ශක්තිය ලැබුණු පසු අත්විඳි මූලික සංවේදනයන්ය.

යෝග සහ සිහි කල්පනාව
මෙම ශාරීරික සංවේදනයන් සමගම, අපේ ඇඟෙන් ඉබේටම යෝගා වගේ දේවල් සහ ව්‍යායාම වෙන්න පටන් ගත්තා. මේ ශක්තිය නිසා අපේ කොන්ද ඉබේම නැවෙන්න, කෙලින් වෙන්න පටන් ගත්තා. අපි මේ ජීවිතේ කවදාවත් යෝගා හරි ඒ වගේ ව්‍යායාම හරි කරලා තිබුණේ නෑ. පොත්වලින්, ටීවී එකෙන් දැකලා තිබුණට, කවදාවත් පුරුදු වෙලා තිබුණේ නෑ.
ඒත්, කවදාවත් නොකරපු අපිට, මේ අමාරු යෝගා ඉරියව් පවා මේ ශක්තිය නිසා ඉබේටම සිද්ධ වුණා. මේ දේ සමහර වෙලාවට පැය භාගයක්, පැයක්, සමහර දවස්වලට පැය දෙක තුනක්, එක දිගට පැය හයක් විතර පවා වුණා. ඒක ඉබේම නතර වෙනකම් අපි ඒ විදිහට හිටියා.
වැදගත්ම දේ තමයි, මේ හැමදේම සිද්ධවෙනකොට අපි හිටියේ හොඳ සිහියෙන්, හොඳ අවබෝධයකින්. ඔයාලට හිතෙන්න පුළුවන් මේක අමනුස්සයෙක් ඇඟට වැහිලා කරන දෙයක් හරි වෙන මොකක් හරි විකාරයක් කියල. ඒත් නෑ. මේ වෙලාවෙදි අපි පැහැදිලි තේරුමකින්, ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ උගන්වපු විදර්ශනා සිහියෙනි,
අපි මේ සිහිය (සතිය) තියාගත්තු නිසා තමයි, මේ හැමදේම අදටත් මතක තියාගෙන, අද දින මෙම අත්දැකීම් ඔබ සමඟ බෙදා ගැනීමටද හැකියාව ලැබී තියෙන්නේ.
යෝග ව්‍යායාම අවසානයේ, ශරීරය ඉබේම භාවනා ඉරියව්වට (බද්ධ පර්යංකයට) පැමිණ, දෑතින් විවිධ මුද්‍රා නිරායාසයෙන්ම පහළ විය.
මීට වසර දහයකට පමණ පෙර, මෙවැනි අද්භූත දේ සිදුවන විට, ඕනෑම කෙනෙකුට මෙන් අපටද බියක් සහ චකිතයක් ඇතිවිය. අප මේ පිළිබඳව ඇතැම් භික්ෂූන් වහන්සේලාට සහ ගිහි පිරිසට දැන්වූ විට, සමහරුන් එය අමනුෂ්‍ය දෝෂයක් ලෙසත්, තවත් සමහරුන් එය මානසික රෝගයක් ලෙසත් හඳුන්වා දුන්හ.
නමුත්, අපි ඔවුන්ගේ සීමාසහිත අදහස්වලට කොටු නොවී, ඉන් එහාට ගොස් මේ දේ වටහා ගැනීමට උත්සාහ කළෙමු.
යෝග ව්‍යායාමවලට අමතරව, කාලයක් ගතවත්ම අපගේ ශරීරයෙන් නිරායාසයෙන්ම සටන් කලා ක්‍රමද ප්‍රදර්ශනය වීමට පටන් ගත්තේය. විශේෂයෙන්ම, ‘අංගම්පොර‘ සටන් කලාව අප තුළින් මතුවිය. අප මින් පෙර කිසි දිනෙක අංගම්පොර පුහුණු වී නොතිබුණද, ඇස් වසාගත් විට දෑත් සහ පාද ඉබේම චලනය වී සටන් ක්‍රම නිරූපණය විය.
මෙම ආත්ම භවයේ පුරුදු නොකළද, පැය ගණනක් පුරා මෙම සටන් ක්‍රම, නාඩි සහ නිල ශාස්ත්‍රය පිළිබඳ ක්‍රම පවා අප තුළින් ඉබේම පහළ විය.
එමෙන්ම, භාවනා කරන විට, බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවල දක්නට ලැබෙන නව මහා මුද්‍රා වැනි විවිධ මුද්‍රා ක්‍රම අපගේ දෑතින් නිරායාසයෙන්ම පහළ විය. තවද, අප අතර සිටි අයට විවිධ ‘විශ්ව භාෂා‘ කතා කිරීමේ හැකියාවද ලැබුණි.
වැදගත්ම කාරණය නම්, මේ සෑම දෙයක්ම සිදුවූයේ පූර්ණ සිහියෙන් යුතුව වීමයි. මෙම කාලය තුළ අපට විශාල ශක්තියක් සහ මානසික සැහැල්ලුවක් දැනුණද, සිදුවන්නේ කුමක්දැයි නිශ්චිතව වටහාගත නොහැකි වූ නිසා බිය සහ චකිතය පහව ගියේ නැත.
අධ්‍යාත්මික ගමනේදී එල්ල වූ බාධක සහ ආරක්ෂා වූ ආකාරය
මෙම විස්මිත අත්දැකීම් ලැබුවද, සිදුවන්නේ කුමක්දැයි අපට සම්පූර්ණයෙන්ම වටහා ගත නොහැකි වූ නිසා භය සහ අවිනිශ්චිතතාවය දිගටම පැවතුණි. අපට මෙම ශක්තිය ලබා දුන් ඒ අදෘශ්‍යමාන පුද්ගලයා ආරම්භක අවධියේදී අතුරුදහන් වූ නමුත්, අප යම් ප්‍රවීණතා මට්ටමකට ළඟා වූ පසු ඔහු නැවත අප හා සම්බන්ධ විය.
ඒ වන විටත්, අපගේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු අප විසින්ම සොයාගෙන තිබූ අතර, ඔහුගේ නැවත පැමිණීමෙන් සියල්ල පැහැදිලි විය.
අපව ආරක්ෂා කරගන්නා ආකාරය අපි සොයා ගත්තෙමු. අප මුලින්ම තේරුම් ගත් දෙය පැමිණියේ මෛත්‍රී භාවනාව (මෙත්ත භාවනා) වැඩීමේ ආනිසංස එකොළහක් විස්තර කරන මෙත්තානිසංස සූත්‍රයේ බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙනි.
එහි එක් ආනිසංසයක් නම් අමනුෂ්‍ය කොටස් ඔබට හිතවත් වීමයි. මෙය අවබෝධ කරගත් අපි දැඩි ලෙස මෙත්ත භාවනාව පුරුදු කිරීමට පටන් ගත්තෙමු. කාලයත් සමඟ, භූතයන් හෝ වැරදි දෘෂ්ඨි (මිච්ඡාදිට්ඨි) ඇති දෙවිවරුන් වේවා, බාහිර අහිතකර බලවේගයන්ගෙන් පැමිණි සියලු බාධා කිරීම් සම්පූර්ණයෙන්ම නතර විය.
එමෙන්ම අපි පිරිත් ලෙස හැඳින්වෙන ආරක්ෂක ගාථා සජ්ජායනා කිරීමටද පටන් ගත්තෙමු. අපි ජලනන්දන පිරිත 108 වරක් හෝ 1000 වරක් ද, රතන සූත්‍රය 7 වරක් හෝ 21 වරක් ද සජ්ජායනා කළෙමු.
මට මතකයි, සමහර අවස්ථාවලදී අමනුෂ්‍ය කොටස් කැළඹීමට පත්ව, ‘ඔබ කරන දේ නිෂ්ඵලයි, එයින් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ‘ යැයි අපගේ කාමරවලින් පිටත සිට කොඳුරනු අපට ඇසුණි. නමුත් මෙය ඇසුණු විට, අප නිවැරදි මාවතේ ගමන් කරන බව අපට වැටහුණි. බාධක වැඩි වීම බොහෝ විට ඔබ නිවැරදිව ගමන් කරන බවට ඇති ස්ථිරම ලකුණයි.
එබැවින් අපි නොනැවතී එය කළෙමු. බුද්ධ ශ්‍රාවකයන් ලෙස අපි, වර්තමාන මොහොත පිළිබඳ සිහිය වර්ධනය කර, අපගේ ශීලය පංචසීලය, අට්ඨසීලය හෝ දසසීලය රැක ගත්තෙමු. මෙම භාවනාව, සජ්ඣායනාව සහ ශීලය රැකීමේ සංයෝගය තුළින් අපි ඉමහත් බලයක්, ආධ්‍යාත්මික ශක්තියක් සහ වචනයෙන් විස්තර කළ නොහැකි මානසික සාමයක් සහ සහනයක් ලබා ගත්තෙමු.
අප අපව ආරක්ෂා කරගෙන සම්පූර්ණත්වයේ තත්ත්වයකට ළඟා වූයේ එලෙසය.
පුහුණුවේ ප්‍රතිඵල: සැඟවුණු හැකියාවන්
නිවැරදිව භාවනාවේ යෙදී, ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමෙන්, අපට මෙම සමථ භාවනාව සහ ලැබුණු ශක්තිය තුළින් විවිධ හැකියාවන් ලැබෙන්නට පටන් ගත්තේය.
- තෙවැනි ඇස විවෘත වීම (දිබ්බචක්ඛු ඥානය): අප සහ අප සමග සිටි අයගේ නොපෙනෙන ලෝකය දැකීමේ හැකියාව විවෘත විය.
- නොපෙනෙන සත්වයන් හා ගනුදෙනු කිරීම: නොපෙනෙන ලෝකයේ සිටින අය සමග කතා කිරීමට, ඔවුන්ගේ විස්තර දැන ගැනීමට හැකි විය.
- මනෝමය සෘද්ධිය: මනෝකාය ශරීරයෙන් පිටතට යැවීමේ හැකියාව ලැබුණි. ඒ ඔස්සේ, රුවන්වැලි සෑය වැනි ස්ථානවල ඇති බව කියන ‘විශ්ව දොරටු‘ හරහා විශ්වයට ගමන් කිරීමට, වෙනත් ග්‍රහලෝක සහ පිටසක්වළ ජීවීන් දැකීමට හැකි විය.
- අන් අයගේ කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීම: ස්වභාවිකවම කෙනෙකුගේ නාඩි සහ නිල අල්ලා, ඔහුගේ හෝ ඇයගේ කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීමේ හැකියාව ලැබුණි.
- ශක්ති සම්ප්‍රේෂණය: අපගේ ශක්තිය වර්ධනය වීමත් සමග, අප අසලට පැමිණෙන (උදා: බස් රථයකදී) නාඳුනන පුද්ගලයන්ට පවා එම ශක්තිය දැනී, ඔවුන්ගේ ශක්තීන්ද ඉබේම අවදි වීමට පටන් ගත්තේය.
- අතීතය සහ අනාගතය දැකීම: අතීත සිදුවීම් සහ අනාගතයේ සිදුවීමට නියමිත දේවල් දැකීමේ හැකියාව පහළ විය.
- උසස් ආත්මයන් සමඟ සම්බන්ධ වීම: ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ දෙවිවරු, බ්‍රහ්මවරු, සෘෂිවරු වැනි උසස් ආධ්‍යාත්මික තලවල සිටින අය අප සමග සම්බන්ධ වී, නිවැරදි භාවනා ක්‍රම කියා දෙමින් අපට මග පෙන්වූහ.
- විවිධ ලෝක දැකීම: මනෝමය සෘද්ධියෙන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සහ සතර අපායවල් දැකීමේ හැකියාවද ලැබුණි.
- පුරාණ මන්ත්‍ර සහ ශ්ලෝක: අවුරුදු දහස් ගණන් පැරණි මන්ත්‍ර සහ ශ්ලෝක කීමේ හැකියාව නිරායාසයෙන් පහළ විය.
මේ සඳහන් කළ සහ නොකළ විශාල හැකියාවන් ප්‍රමාණයක්, නිවැරදිව සහ ආරක්ෂාකාරීව සමථ භාවනාව දියුණු කිරීමත් සමග අපට ලැබුණි.

ලද ශක්තියෙන් අන් අයට පිහිට වීම
මෙම හැකියාවන් ලැබුණු පසු, අපි ඒවා මිනිසුන්ට පිහිට වීමට යොදා ගත්තෙමු.
අපගේ මනෝමය කාය සහ තෙවැනි ඇස භාවිතා කරමින්, අපි රුවන්වැලිසෑය වැනි බලවත් ස්ථානවලට ගොස්, වන්දනාකරුවන් අතරින් ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් තෝරාගෙන, ඔවුන්ගේම කුණ්ඩලිනී චක්‍ර අවදි කරමින්, අපගේ ශක්තිය ඔවුන් වෙත ලබා දුන්නෙමු.
අපි ශ්‍රී ලංකාව පුරා සිටින ළමුන්, තරුණයින් සහ වැඩිහිටියන් යන සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ට මෙම ශක්තිය ලබා දුන්නෙමු. අපි මේ ආකාරයෙන් ඔවුන්ට දර්ශනය වූ විට, ඔවුන් අපව දිව්‍යමය ජීවීන් හෝ පුරාණ ඍෂිවරුන් ලෙස සිතන්නට ඇත.
අප දන්නා හඳුනන බොහෝ දෙනෙකුගේ තෙවැනි ඇස විවෘත කර, ඔවුන්ට ප්‍රේත, යක්ෂ ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සහ විශ්වයේ විවිධ දේ පෙන්වීමට කටයුතු කළෙමු. නිල ශාස්ත්‍රය සහ නාඩි ඇල්ලීම හරහා බොහෝ දෙනෙකුගේ රෝග සුවපත් කළෙමු.
කල් යත්ම, අපගේ බලය කොතරම් ප්‍රබල වූවාද යත්, වෙනත් රටවල සිටින මිනිසුන්ට උපකාර කරමින්, දුරකථනය හරහා දුරස්ථව කෙනෙකුගේ කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීමට හෝ ඔවුන්ගේ තෙවැනි ඇස විවෘත කිරීමට අපට හැකි විය.
අප සමඟ භාවනා කළ අයට අමනුෂ්‍ය කොටස් සම්බන්ධ ගැටලු නිරාකරණය කර දීමටත්, කරදරකාරී භූතාත්ම ඉවත් කිරීමටත් අපට හැකි විය. ආරම්භයේදී, අපි සමහර විට අපගේ ශක්තියෙන් ඔවුන්ව දවාලමින් මෙම භූතාත්ම විනාශ කළ නමුත්, මෙය අකුසල කර්මයක් ඇති කරන නුසුදුසු ක්‍රියාවක් බව පසුව අපට වැටහුණු නිසා අපි එය නැවැත්තුවෙමු.
මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස තමයි, අද දින මේ ආධ්‍යාත්මික ලිපි මාලාව හරහා ඔබටත් නිවැරදි මග පෙන්වීමට අපට හැකිවී තිබෙන්නේ.
පිරිහීමට මග: මෙම ගමනේදී සමහරුන් විනාශයට පත් වූ ආකාරය
මෙම ගමනේදී අප සමඟ සිටි සියලු දෙනාම සාර්ථක වූයේ නැත. සමහරුන් විනාශයට පත් වූ අතර, ඒ පිළිබඳව දැන ගැනීම ඔබටද විශාල පාඩමක් වනු ඇත.
තෙවැනි ඇස විවෘත වූ පසු, පොළොවේ ඇති නිදන් වස්තු දැකීමේ හැකියාව සමහරුන්ට ලැබුණි. ගුරුවරුන්ගේ උපදෙස් නොසලකා හරිමින්, ඔවුන් එම නිදන් ගැනීමට ගොස් පොලීසියට හසුවී, බන්ධනාගාරගත වීමට පවා සිදු විය. අවසානයේ ඔවුන්ගේ සියලු හැකියාවන් නැති වී ගොස්, තමන්ට එවැනි බලයක් තිබුණාද යන්න පවා අමතක විය.
තමන්ට වඩා අන් අයට හැකියාවන් ලැබෙන විට, සමහරු ඉරිසියා කරන්නට පටන් ගත්හ. මෙම ඉරිසියාව නමැති කෙලෙස් නිසා, ඔවුන් තම හැකියාවන් වැරදි ලෙස භාවිතා කිරීමට පෙළඹී, අවසානයේ සියලු ආධ්‍යාත්මික දියුණුවෙන් පිරිහී ගියහ.
තවත් සමහරු, හැකියාවන් ලැබුණු පසු, ‘තමන් තරම් බලගතු කෙනෙක් නැත‘ යන මානයෙන් උදම් වූහ. තමන් තරම් ලොක්කෙක්, වැඩ්ඩෙක් නැතැයි සිතීමත් සමගම ඔවුන්ගේ විනාශයද එතැනින්ම ආරම්භ විය.
ඇතැම් අය තමන්ට ලැබුණු භාවනා බලය, අන් අයව, විශේෂයෙන්ම ස්ත්‍රීන්ව, තම වසඟයට ගැනීමට සහ පාලනය කිරීමට යොදා ගත්හ. මේ සඳහා චිත්ත ශක්තිය භාවිතා කිරීමෙන් ඔවුන්ගේ ලෝභය සහ රාගය වර්ධනය වී, අවසානයේ ඔවුන්ද සියලු දියුණුවෙන් පිරිහී ගියහ.
බුදු දහමේ මේවා ‘කෙලෙස්‘ ලෙස හඳුන්වයි. විදර්ශනාවෙන් යුක්තව, සිහියෙන් යුතුව මෙම කෙලෙස් හඳුනාගෙන, ඒවා පාලනය කරගැනීමට හෝ නැති කරගැනීමට කටයුතු නොකළහොත්, ආධ්‍යාත්මික ගමනේදී විනාශය අනිවාර්ය වේ.

සාරාංශය සහ ඔබට මග පෙන්වීමක්
මෙම දීර්ඝ විස්තරය අනුව, කුණ්ඩලිනී ශක්තිය සහ විශ්ව ශක්තිය අවදි කර ගැනීමට ප්‍රධාන ක්‍රම තුනක් ඇති බව ඔබට දැන් පැහැදිලි විය යුතුය:
- නොපෙනෙන බලවේගයකින්: මා මුලින් සඳහන් කළාක් මෙන්, උසස් ආධ්‍යාත්මික තලයක සිටින බලවේගයකට ඔබගේ ශක්තිය අවදි කළ හැකිය.
- ගුරුවරයෙකුගෙන්: දැනටමත් මෙම ශක්තිය අවදි කරගත්, එය අනුනට ලබා දීමේ හැකියාව ඇති ගුරුවරයෙකු යටතේ ඔබටත් එය ලබාගත හැකිය.
- නිවැරදි භාවනා ක්‍රම තුළින්: අප මෙම ලිපි මාලාව ඔස්සේ කියා දෙන සමථ භාවනා ක්‍රමවල නිවැරදිව යෙදීමෙන්, ඔබටත් නොදැනීම මෙම ශක්තීන් නිරායාසයෙන්ම අවදි වනු ඇත.
එමෙන්ම, අංගම්පොර, වෙදකම්, නාඩි ශාස්ත්‍ර, යෝග වැනි ක්ෂේත්‍රවල නියැලෙන අයෙකු මෙම භාවනා ක්‍රමවල යෙදුනහොත්, ඔවුන්ගේ හැකියාවන් තවදුරටත් වර්ධනය වනු ඇත. ඔවුන්ටද අනාගතයේදී සෘෂිවරුන්, බ්‍රහ්මවරුන්, දෙවිවරුන්ගේ උපකාර ලබා ගැනීමේ හැකියාව උදා වනු ඇත.
මේ සියල්ල අපගේ ප්‍රායෝගික අත්දැකීම් තුළින්ම ලබාගත් දැනුමයි.”
ඉතින් මගේ අත්දැකීමෙන් ගත හැකි පණිවිඩය කුමක්ද?
මෙම ගැඹුරු ආධ්‍යාත්මික පිබිදීම සුරංගනා කතාවක් නොවේ. එය අවංක සහ සමබර පුහුණුවකින් ළඟා විය හැකි, ඔබ තුළ පවතින සැබෑ ශක්තියකි. බුදුන් වහන්සේ විසින් පෙන්වා දුන් මාර්ගය එනම් සමථ භාවනාව, ශීලය රැකීම, සිහිය (සතිය) සහ මෛත්‍රී සහගත හදවත (මෙත්තාව) යන මේවා එකට අනුගමනය කිරීමෙන් ඔබට මෙම මාර්ගයේ ආරක්ෂිතව ගමන් කළ හැකිය.
ඔබ පුහුණුවීම් කරන විට, ඔබට මානසික සතුට සහ පැහැදිලි බව ලැබෙනවා පමණක් නොව, මෙම මාර්ගයේ ගමන් කිරීමෙන් ඔබට නිදන්ගත රෝග (පිළිකා, මිග්‍රේන්, මානසික පීඩනය වැනි) සුව කර ගැනීමේ හැකියාවද ලැබේ. කර්මයක් හේතුවෙන් සුවපත් නොවූවොත් හැර, 100%ක්ම මෙම රෝග සුව වන බව අපට ස්ථිරවම කිව හැකිය.
එමෙන්ම, ඔබටම අනන්‍ය වූ ආධ්‍යාත්මික දක්ෂතා මල්ඵල ගැන්වීමද අත්විඳිය හැක. එනම්, අංගම්පොර, වෙදකම්, නාඩි ශාස්ත්‍ර, යෝග වැනි ක්ෂේත්‍රවල නියැලෙන අයෙකු මෙම භාවනා ක්‍රමවල යෙදුනහොත්, ඔවුන්ගේ හැකියාවන් තවදුරටත් වර්ධනය වනු ඇත. ඔවුන්ටද අනාගතයේදී සෘෂිවරුන්, බ්‍රහ්මවරුන්, දෙවිවරුන්ගේ උපකාර ලබා ගැනීමේ හැකියාව උදා වනු ඇත.
ඔබ කියවූ, ඔබට දැණුනු දෙයින් බියට පත් නොවන්න. අපි මෙන්ම ධෛර්යවත් වී, මෙම අත්දැකීම්වලට මුහුණ දෙන්න. අපි අපව ආරක්ෂා කරගත් ආකාරය අපි බෙදා ගත්තෙමු, ඔබටත් එම ක්‍රම භාවිතා කර ඔබගේම ශක්තීන් ආරක්ෂිතව වර්ධනය කරගත හැකිය. ඔබට ඔබගේම ආධ්‍යාත්මික සතුට සොයා ගැනීමටත්, ආධ්‍යාත්මික හා මානසික යහපැවැත්ම ළඟා කර ගැනීමටත් හැකිවන්නේ එලෙසය.
මේවා සුරංගනා කතා නොවේ. මෙම පිළිවෙත් ප්‍රායෝගිකව යෙදීම අත්‍යවශ්‍ය වේ. ඔබ මෙය කියවන්නේ නම්, මෙම ඉගැන්වීම් ක්‍රියාවට නංවන ලෙස මම ඔබෙන් උනන්දුවෙන් ඉල්ලා සිටිමි. එවිට ඔබටම එහි සත්‍යය අවබෝධ වනු ඇත.
ඔබට මෙම හැකියාවන් ලැබුණු විට, ඔබේ රටට, ඔබේ ජනතාවට, ඔබේ ආගමට සහ ලෝකයට සේවය කිරීමට ඒවා භාවිතා කරන්න. ඔබ පිරිසිදු සිතින් සේවය කරන තරමට, ඔබගේම ආධ්‍යාත්මික බලයද වර්ධනය වනු ඇත. එය ඔබව ධ්‍යාන වැනි උසස් මානසික අවස්ථා සහ ප්‍රීතිමත් සමාධි තත්ත්වයන් වෙත ගෙන යනු ඇත. මෙම අවසන් සිතුවිලි සමඟ, අද දිනට අපගේ ආධ්‍යාත්මික අත්දැකීම් බෙදා ගැනීම මම අවසන් කරමි.

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!
